Your
Infant's Vision Development
ඔබේ ළදරුවාගේ
පෙනීම වර්ධනය වන්නේ කෙසේද?
ඔබට අළුත උපන්
ළදරුවාගේ දෑස් විවරව ඔබේ දෑස හා බැදෙන මොහොත ඔබට අමරණීය වනු ඇත. කුඩා දියණිය හෝ
පුතණුවන් ඉපැදී දින කිහිපයකින් ඔබේ මුහුණ දෙස බලා සිටියදී, ඔබ හා යන්තමින් සිනාසෙන
විටදී ළදරුවා ඔබව හදුනාගත්තා යැයි ඔබ උදම් අනනවා ඇති. නමුත් සැබවින්ම එය එසේ වන්නේ
නැත. ළදරුවාගේ දෑසේ පෙනීම වර්ධනය වන්නට තරමක කලක් ගතවේ. ඉපැදී පළමු සතිය වන විට
සැබැවින්ම ළදරුවාට ලෝකය පෙනෙන්නේ අළුපාට නොපැහැදිලි සෙවනැලි රැසක් සේ පමණි. දරුවාගේ
දෑස් මුළුමුනින්ම වැඩී පෙනුම නිසි ආකාරයෙන් සකස් වන්නට මාස කිහිපයක් ගතවේ. දරුවාගේ
පෙනීම වර්ධනය වීමේ පියවර පෙළ ඔබ මනා ලෙස දැනගත යුත්තේ කුඩා සිගිත්තාට නිසි අයුරින්
ලොව දකින්නට ඔබට කළ හැකි දේ මොනවාදැයි දැනගැනීමටය.
Infant
Vision Development Starts During Pregnancy
ළදරුවාගේ
පෙනුම වර්ධනය වන්නට ඇරඹෙන්නේ කුස තුළ සිටියදීම බව ඔබ දන්නවාද?
ඔබේ දරුවාගේ
පෙනුම වර්ධනය වීම ඇරඹෙන්නේ බිහිවීමට ද පෙර සිටය. දරුවකු කුස තුළ සිටියදී ඔබ ඔබේ
සිරුර ගැන දක්වන සැළකිල්ල , ඔබේ කුස තුළ සිටින දරුවාගේ සිරුර හා සිතුවිලි
වැඩෙන්නට උපකාරී වෙයි. නොඑසේනම් කුස තුළ සිටින දරුවාගේ දෑස හා පෙනුම පිළිබද වූ
මොළයේ ස්ථාන වල වර්ධනය වීමට උපකාරී වෙයි. ඔබේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයාගේ උපදෙස්
සැළකිල්ලට ගනිමින් පෝෂ්‍ය ජනක ආහාර ලබාගැනීමත්, ඒ තුළින් අදාල විටමින් හා ඛණිජ ලවණ
සමබර කර ගැනීමත් අත්‍යවශ්‍ය වේ. මේ කාලයේ දී ඔබට විවේකය අත්‍යවශ්‍ය වන අතර, දුම්
පානය හා මත්ද්‍රව්‍ය ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. දුම හා මත්ද්‍රව්‍ය වල ඇති
විෂ ද්‍රව්‍ය කුසෙහි සිටින ඔබේ දරුවාගේත්, දරුවාගේ පෙනීමේත් බරපතල ගැටළු ඇති කරනු
ඇත. සිගරට් ඉරීමෙන් පමණක් මිනිස් සිරුරට ඉතා විෂදායක කාබන් මොනොක්සයිඩ් ඇතුළු විෂ
ද්‍රව්‍ය 3000 ක් පමණ ඇතුළු වේ. එපමණක් නොව දරුවාගේ ශරීර වර්ධනය හා ස්නායු වර්ධනයට
සිගරට් දුම ඉතා දැඩි හානිකර තත්වයක් ඇතිකරවන බව විවිධ සමීක්ෂණ වලින් සනාථ වී ඇත.
Vision
Development at Birth
උපතේ දී
ළදරුවාගේ පෙනීම
උපත ලද විගසම
දරුවාගේ දෙනෙතේ පෙනීම සදහා වන ආබාධයන් තිබේදැයි ඔබේ වෛද්‍යවරයා පරීක්ෂා කරනු ඇත.
උපදින මොහොතේ කිසියම් බැක්ටීරියාවන් දෑසට ඇතුළු වී ඇත්නම් එය ට අදාලව ප්‍රතිජීවක බෙහෙත්
බිංදු ඇසට ලබාදෙනු ඇත. කෙසේ වෙතත් උපතින්ම ද්‍රෘෂ්‍යාබාධ ඇතිවනුයේ කලාතුරකිනි.
උපතේදී ඔබේ
ළදරුවාට පෙනෙනුයේ කළු පාට, සුදු පාට හා අළු පාට චායාවල් පමණි. ඇස, කාචය, ස්නායු හා
මොළයේ පෙනුම ඇති කරන ස්ථාන හරිහැටි වැඩී නොමැති බැවින් තමා දකින ඡායාවන් හරිහැටි
නාභිගත කර ගැනීමට ළදරුවාට නොහැකි වනු ඇත. අඩු තරමින් ඔබේ මුහුණ හදුනාගන්නට වත්
දරුවාට හැකියාවක් නොමැත.
දරුවා ඔබේ මුහුණ දෙස ආගන්තුක ලෙස බලා සිටින්නේ නම්, ඔබේ සිනාවට ප්රතිචාර නොදක්වන්නේ නම් කලබල වන්නට එපා. ඔබේ මුහුණ
දෙස හරිහැටි බලන්නට තරමක කාලයක් ගතවේ. කෙසේ වෙතත් මවගේ මුහුණත්, නලලේ කොණ්ඩය ආරම්භ
වන කෙස් තීරුවත් අතර ඇති පාට දෙකේ වෙනස දරුවා පළමුවෙන්ම හදුනා ගන්නවා ඇත. එබැවින්
දවසින් දවස කොණ්ඩා මෝස්තර දමමින් දරුවා ළගට යන්නට එපා. එවිට දරුවා ඉවත බලාගනු ඇත.
එමෙන්ම උපත ලද විගස දරුවාගේ දෑස් ඉතා විශාල, වටකුරු හැඩැති බව ඔබට පෙනෙනු ඇත.
මුළුමනින්ම වැඩුනු ඇසකින් 65% ක පමණ විශාලත්වයක් උපත ලද දරුවාගේ දැක ගත හැකි වේ. ඒ
ගැන කලබල නොවන්න. හිස පහතට ඇලව දරුවා බිහිවීමේ ප්‍රතිපලයක් ලෙස එවැනි පෙනුමක්
ඇතිවේ. එය සාමාන්‍ය සිද්ධියකි.
Your
Baby's Eyes in the First Month
ඉපැදී පළමු මස
තුළ ඔබේ ළදරුවාගේ දෑස හා පෙනුම
ඔබේ දරුවා ඉපැදී
පළමු මාසය තුළදී දරුවාගේ දෑස් ආලෝකයට එතරම් සංවේදීතාවක් නොපෙන්වයි. එබැවින් දරුවාට
එතරම් තියුණු ආලෝක පරිසරයක් අවශ්‍ය නොවේ. දරුවාගේ කාමරයට යන්තම් ආලෝකයක් තිබීම
සෑහේ. කොටින්ම එහි ඇති ගෘහභාණ්ඩ වල ඔබේ පාද හැපෙන්නේ නැතිව දරුවා ගැන සොයා බලන්නට
යාමට හැකි මට්ටමට පෙනෙන ආලෝකයක් තිබීම හොදටම සෑහේ.
ඉපැදුනු විගස
දරුවාට පෙනෙනුයේ කළු හා සුදු වර්ණ පමණක් වුවද, ළදරුවා තම දෑසට හසු වන වර්ණයන්
හදුනා ගැනීමට ඉක්මණින්ම පුරුදු වනු ඇත. ඉපැදී සතියක් ගත වන විට දරුවාට රතු,
තැඹිළි, කහ සහ කොළ වර්ණ හදුනාගැනීමට හැකි වන අතර, නිල් හා දම් වර්ණ හදුනාගැනීමට
තවත් ටික දිනක් ගතවනු ඇත. එයට හේතුව වන්නේ නිල් වර්ණයේ ආලෝක තරංගයේ දිග ඉතා කෙටි
වීමයි. එමෙන්ම ඇසේ නිල් වර්ණ හදුනාගැනීමේ හැකියාවද ඉක්මණින් වර්ධනය නොවේ. කෙසේ
වෙතත් මේ පළමු කාලය තුළදීම දරුවාගේ කාමරය දීප්තිමත් , වර්ණවත් රූප, හැඩතල ,
සැරසිලි ආදියෙන් අලංකාර කිරීම තුළින් දරුවාට ආලෝකය හා වර්ණ හදුනාගැනීමට පහසු වනු
ඇත.
ඉපැදුනු
දරුවාගේ පින් වපරය
කුඩා ළදරුවා
දෑස හොදින් විවර කොට කෙලින් බලා සිටින විටෙක දරුවාගේ දෑස් දෙස සැළකිල්ලෙන් බලන්න.
ඇස් දෙකේ කළු ඉංගිරියා දෙකෙහි ඉතා කුඩා වෙනසක් ඔබ දකීවි. එනම් කළු ඉංගිරියා දෙක
සමපාතව (proper alignment) නොපෙනේ. එක්
ඇසක් වෙනත් පැත්තකට බරවී ඇත්දැයි ඔබට සැකයක් ඇතිවේ. සාමාන්‍ය වරරෙහි කළු ඉංගිරියා
දෙක දෙපසකට ඇදී ගොස් ඇත්නම් “ වපරය “ ක් යැයි අපි සළකමු. එබැවින් දරුවාට “ පින්
වපරයක් “ ඇතැයි දෙමාපායෝ කියති.
Vision
Development: Months 2 and 3
දෙවන- තුන්වන
මාස වලදී දරුවාගේ පෙනුම වර්ධනය වීම
දෙවන - තුන්වන
මාස වන විට දරුවාට තමා දකින රූප තියුනුව දකිමින් (sharper visual acuity ) හොදින් නාභිගතව (Focused ) ඉතා පැහැදිලි ලෙස පෙනෙන්නට පටන් ගනී.
එමෙන්ම චලනය වන රූප දෙස නෙත් යොමන්නට ද පටන් ගනී. රූප වල සෙලවීම හදුනාගෙන එම
චලනයන් දෙස දෑස් යොමු කරන්නට (following
moving objects ) ද පටන් ගනී. මේ කාලය තුළ හිස හරවන්නේ
නැතිව දෑස කරකවා , චලනය වන වස්තුවක් දෙස බැලීම හුරු පුරුදු වේ. තම ආදරණීයයන් (
අම්මා-තාත්තා) තොටිල්ල අසලට විත් “ චූටි පුතා.. චූටි දුව..“ යනුවෙන් ආමන්ත්‍රණය
කරද්දී ඒ හඞ එන දෙසට ඇස් කරකවා බලන්නට පටන් ගනී. එබැවින් මේ කාලයේදී ළදරු තොටිල්ල
වටා , කාමරයේ ඇවිදිමින් දරුවාට කතා කරමින්, වැඩ කටයුතු කිරීම ඉතා වැදගත් බව ළදරු
අක්ෂි විශේෂඥයන්ගේ මතයයි. මේ කාලය වන විටත් වැඩිහිටියෙකුගේ ඇසකට වැටිය හැකි ආලෝක
ප්‍රමාණයට වඩා 10 ගුණයක අඩු ආලෝකයක් දරුවා බලාපොරොත්තු වන නිසා රාත්‍රී කාලයේ
ආලෝකය අඩු කළ ( Dim ) ආලෝකයක්
රාත්‍රීකාලයේදී දරුවාට සැපයීම මැනවි.
Vision
Development: Months 4 to 6
මාස 4 - 6
කාලයේ දරුවාගේ දෑසේ පෙනීමේ වර්ධනය
ඔබේ දරුවාට
මාස 4 ක් 6 ක් අතර කාලය දරුවාගේ දෑසේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන කාලයකි. වඩාත්
හොදින් වර්ණ හා රූප හදුනාගැනීම, චලනය වන රූප පසුපස දෑස හඹායෑම, වේගයෙන් එක් රුවක
සිට අනික් රුවට දෑස් යොමු කර ඒවා වෙන වෙනම හදුනාගැනීම මේ කාලයේ ඉතා ඉක්මණින්
වර්ධනය වේ. අම්මා - තාත්තා දරුවාට පෙනීසිට සැගවී යළි හිස ඔසවා හැංගි මුත්තම්
කරන්නේ මේ කාලයේදීය. දරුවා ක්ෂණිකව මවගේ රුව දෙස දෑස යොමු කරන්නට පෙළැඹෙයි.
මේ කාලය වන විට දරුවාට වැඩිහිටියෙකු සේ සියළු වර්ණ
පෙනෙන්නට පටන් ගනී. මේ කාලයේ දේදුන්නේ ඇති සියළු වර්ණ දරුවා හදුනාගන්නා බව වෛද්‍ය
මතයයි. එමෙන්ම තමා දකින කිරි බෝතලය රැගෙන කටේ රුවා ගැනීමට දරුවා පෙළැඹේ. එමෙන්ම
දෑසට දකින් ඕනෑම දෙචයක් අල්ලා කටට ඔබා ගැනීම ද සිදුවන්නේ මේ කාලයේ බැවින් දරුවා
ගැන වඩා සැළකිල්ලෙන් සිටිය යුතුවේ. දියුණු රටවල දරුවන් මේ කාලය තුළදී අක්ෂි
පරීක්ෂණයකට යොමු කිරීම කරනු ලබයි. අක්ෂි වෛද්‍යවරයෙකු වෙත ඇති අකුරු කියවීමේ
පුවරුව දරුවාට කියවිය නොහැකි නමුත් දරුවන්ගේ පෙනුම පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්
දරුවාගේ පෙනුම හා දෑසේ යොමුවීම පිළිබද පරීක්ෂණ කරනු ඇත.
Vision
Development: Months 7 to 12
මාස 7 සිට 12
කාලය වැදගත් වන්නේ ඇයි..?
මේ දරුවා දෑස
හා දෑත එක් කරන වයසයි. තමා සහ වෙනත් ස්ථානයක් හෝ වස්තුවක් වෙත ඇති දුර නිර්ණය කර
ගැනීමේ හැකියාව දරුවාට ලැබෙයි. දෑසේ පෙනුම සමග දෑතේ කාර්යයන් හා සිරුරම ක්‍රියාවන්ට
එක්කරන කාලය බැවින් දරුවා ඉතා ක්‍රියාශීලී වේ. අතට හසුවන යම් ද්‍රව්‍යයක් යමස්
දෙසට විසිකිරීම , ඈතට විසිකිරීම වැනි දේ දරුවාගේ කාර්යයන්ට එකතු වන බැවින් ඉතා
සැළකිල්ලෙන් දරුවා රැකබලා ගත යුතු වේ. එසේ නොමැති වුවහොත් දරුවාට විවිධ අනතුරු වලය
මුහුණ පෑමට සිදුවනු ඇත.
අතට හසුවන
මායිමේ දරුවාම හානිදායක කිසිවක් තැබීමෙන් වලකින්න. පිරිසිදු කිරීමේ ද්‍රව අඩංගු
බෝතල් හා විවිධ අනතුරුදායක ද්‍රව කබඩ් වල දමා අගුළු දමා තබන්න. දරුවා අතට අසුවන
බොහෝ දේ අතින් ඇද දමන හෝ කටට ඔබා ගන්නා අවදානම් වයස මෙයයි.
එමෙන්ම මේ
කාලය වන විට ඔබේ දරුවාගේ ඇසේ ( කළු ඉංගිරියාවේ) වර්ණය වෙනසු වුවහොත් ඒ ගැන කලබල
නොවන්න. උපතේදී නිල් ඉංගිරියාවත් ඇති දරුවකු වයසින් මෝරන විට වර්ණය කළු හෝ වෙනත්
වර්ණයකට හැරීම ස්වභාවික සංසිද්ධියකි.
srinimal2@gmail.com



No comments:
Post a Comment